භාවිතයට අදාළ උපදෙස්

“රිවිවදන” භාවිතා කිරීමට අන්තර්ජාලය හා සම්බන්ධව සිටීම අවශ්‍යද?

ඔව්. “රිවිවදන” ට අදාළ සියලුම සැකසුම් කටයුතු සිදු කරන්නේ අන්තර්ජාලය තුල ස්ථාපනය කර ඇති අපගේ Cloud අවකාශය තුල බැවින් මෙම යෙදවුමට අදාළ සේවාවන් ලබා ගැනීම සඳහා ඔබ අන්තර්ජාලය හා සම්බන්ධව සිටිය යුතුය.

“රිවිවදන” භාවිතා කිරීම වෙනුවෙන් යම් ගාස්තුවක් අය කරනවාද?

ඔව්. දිනකට රුපියල් 6 සහ ඊට අදාළ බදු මුදල් අය කරන අතර ඔබ ලියාපදිංචි වූ දුරකථන අංකයට අදාළ ගිණුමෙන් ස්වයංක්‍රියව මෙම මුදල අය කර ගනු ලැබේ. යම් ලෙසකින් ඔබගේ ලියාපදිංචි වී ඇති දුරකථන ගිණුමේ, දෛනික ලියාපදිංචි ගාස්තුව අය කර ගැනීමට ප්‍රමාණවත් ශේෂයක් නොමැති නම් ඔබගේ ලියාපදිංචිය ස්වයංක්‍රීයවම අක්‍රිය වේ. එවිට තාවකාලිකව “රිවිවදන” යෙදවුමට ප්‍රවේශ වීමට ඔබට නොහැකි වන අතර අදාළ දෛනික ලියාපදිංචි ගාස්තුව අය වූ පසු ස්වයංක්‍රීයවම ලියාපදිංචිය සක්‍රීය වී නැවත “රිවිවදන” යෙදවුම පරිශීලනය කිරීමේ හැකියාව ඔබට හිමි වේ.

ලියාපදිංචිය අහෝසි කර ගන්නේ කෙසේද?

ඔබ කැමති ඕනෑම වේලාවක “රිවිවදන” සමග වූ ලියාපදිංචිය අහෝසි කර ගත හැකිය.

ඔබ ලියාපදිංචි වූ දුරකතන අංකය ඩයලොග්, එයාර්ටෙල් හෝ හච් (078/072) නම්, UNREG rw ලෙසට සටහන් කර 77110 වෙතට SMS එකක් යවන්න.

ඔබ ලියාපදිංචි වූ දුරකතන අංකය මොබිටෙල් නම්, DREG riw ලෙසට සටහන් කර 77011 වෙතට SMS එකක් යවන්න.

එවිට ඔබගේ ලියාපදිංචිය අහෝසි වනු ඇත.

“රිවිවදන” සමග වූ ලියාපදිංචිය අහෝසි කර ගැනීමට මෙම ලින්ක් සබැඳියාව ඔස්සේ ද හැකියාව ඇත. Click here

"රිවිවදන" යෙදවුම මගින් ප්‍රතිධාන ලබා දෙන්නේ කුමන පදනමකින්ද?

සියලු ප්‍රතිධාන නිකුත් කරනුයේ ඔබ විසින් ලබා දෙන උත්පත්ති දත්ත පදනම් කර ගෙන බව කරුණාවෙන් සලකන්න.

“රිවිවදන” App එක භාවිතයට අදාළ ගැටළුවක් ඇති වුවහොත් එය විසදා ගන්නේ කෙසේද?

ඔබගේ ගැටලුව සවිස්තරාත්මකව සටහන් කොට rivilogy @gmail.com වෙත ඊ මේල් පණිවුඩයක් එවන්න. අපගේ කණ්ඩායම හැකි ඉක්මනින් ඔබට පිළිතුරු සපයනු ඇත.